මෙහෙම කළොත් ලයිසන් එක කැන්සල් - රියදුරන්ට නව නීතියක්

Report

පොලිස් රථවාහන මූලස්ථානය සඳහන් කරන පරිදි රියදුරු අකුසලතා ලකුණු ලබාදීමේ වැඩසටහන ජුනි මාසයේ සිට ආරම්භ කරන බව පවසයි.

රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී. ජේ. සේනාධීර මේ අනුව අකුසලතා ලකුණු 24 ක් සම්පූර්ණ වන සෑම රියැදුරකුගේම රිය බලපත්‍රය සැලකිය යුතු කාලයකට අවලංගු කෙරෙන බව පැවසීය.

රථවාහන වැරැදි ඛාණ්ඩ අනුව ලකුණු ලබාදීමේ ආකාරය හා ලකුණු 24 සම්පූර්ණ වන රියැදුරන්ගේ රිය බලපත්‍රය අවලංගු කෙරෙන කාලය පිළිබඳ තීරණය මෙම වැඩපිළිවෙළ ගැන තීරණය කිරීමට පත්කර ඇති කමිටුව මගින් ගනු ලබන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

දක්ෂිණ අධිවේගයේ දරුණු අනතුරක් - වාහන 06ක් විනාශයි

දක්ෂිණ අධිවේගයේ දරුණු අනතුරක් - වාහන 06ක් විනාශයි

2022 වසරේදී මෙම ක්‍රමවේදය හඳුන්වා දීමේදී ලකුණු 24 ක් ලබාගන්නා රියැදුරෙකුගේ රිය බලපත්‍රය වසර දෙකකට අහෝසි කිරීමට නිර්දේශ විය. එහෙත් අවලංගු වන එම කාලය සම්බන්ධයෙන් අවසන් තීරණය මෙම ක්‍රමවේදිය සකස් කිරීම සම්බන්ධයෙන් පත්කළ කමිටුව විසින් ගනු ඇත.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, Gov pay හරහා මාර්ග ගතව දඩ මුදල් ගෙවීමේදී රියැදුරු අකුසලතා පද්ධතියට ලකුණු එකතු වන බවද එසේම ඉදිරියේ තැපැල් කාර්යාල මගින් ද ඒ ඒ වැරදි සම්බන්ධයෙන් පද්ධතියට ලකුණු ඇතුළත් කරන බවද කීවේය.

මෙමගින් රථවාහන අනතුරු විශාල වශයෙන් අවම කරගැනීමට හා සියලුම රියැදුරන් විනීත රියැදුරන් බවට පත්කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම කීවේය.

මතුගම කාණුවක නාදුනන මළ සිරුරක්

මතුගම කාණුවක නාදුනන මළ සිරුරක්