මම 2015 ඉඳන් කවදාවත් මගේ කොණ්ඩේ කපලා නැහැ - දිගම වරලසින් ලෝකෙම කළඹපු ඇය ගිනස් ලෝක වාර්තා අතරට [PHOTOS]

Report

ඉන්දියාවේ උත්තරාකණ්ඩ ප්‍රාන්තයේ පදිංචි රේණු ධාරියල් නමැති තරුණියක් ජීවත්ව සිටින කාන්තාවකගේ දිගම කෙස් කළඹ සඳහා වන ගිනස් ලෝක වාර්තාව බිඳ දැමීමට සමත් වී ඇත.

ඒ අනුව ඇයගේ හිසකෙස්වල දිග අඩි 8යි අඟල් 10ක් (සෙන්ටිමීටර 271.5ක්) වන බව සඳහන්. ඒ අනුව ඇය මීට පෙර යුක්‍රේන ජාතික කාන්තාවක් සතුව තිබූ වාර්තාව මෙසේ අභිබවා යාමට සමත්ව ඇත.

ඇය විසින් ඇගේ කොණ්ඩය මෙතරම් දිගු වූයේ කෙසේදැයි පැහැදිලි කරමින් පවසා ඇත්තේ, “මම 2015 සිට අඛණ්ඩව මගේ කොණ්ඩය වවනවා. ඉන්දියානු සංස්කෘතිය තුළ, දිගු කොණ්ඩය අතිශය සුන්දරත්වයේ සහ සම්ප්‍රදායේ සංකේතයක් ලෙස සලකනු ලබන අතර, එය මෙතරම් දිගු කිරීමට මා පෙලඹවූයේ එයයි. "මම 2015 ඉඳන් කවදාවත් මගේ කොණ්ඩේ කපලා නැහැ." යනුවෙන්.

ඉරානය දෙදරයි - මොජ්තාබා කමේනි අසාධ්‍ය තත්ත්වයක් මත වහාම රෝහල් ගත කෙරේ.. ඊශ්‍රායල මාධ්‍යයෙන් ලෝකෙටම හෙළිදරව්වක්

ඉරානය දෙදරයි - මොජ්තාබා කමේනි අසාධ්‍ය තත්ත්වයක් මත වහාම රෝහල් ගත කෙරේ.. ඊශ්‍රායල මාධ්‍යයෙන් ලෝකෙටම හෙළිදරව්වක්

එසේම මිල අධික රූපලාවන්‍ය නිෂ්පාදන භාවිත කරනවා වෙනුවට, රසායනික ද්‍රව්‍යවලින් තොර සාම්ප්‍රදායික ගෙදර දොරේ නිෂ්පාදන සහ තෙල් වර්ග භාවිත කරමින් හිසකෙස් රැකබලා ගන්නා බව ඇය සඳහන් කරයි.

කෙසේ වෙතත් ඇයගේ මෙම සුවිශේෂී ජයග්‍රහණය ගිනස් ආයතනය විසින් නිල වශයෙන් තහවුරු කර ඇති අතර, කුඩා උත්සාහයක් සහ අඛණ්ඩ කැපවීමකින් ඕනෑම ඉලක්කයක් ජයගත හැකි බවට ඇය ආදර්ශයක් සපයයි.

අද කැරට් 24 රන් පවුමක් මෙච්චරයි - හිතුවට වඩා මිල වෙනස් වුණ අද රන් වෙළඳපොළේ මිල ගණන් මෙන්න

අද කැරට් 24 රන් පවුමක් මෙච්චරයි - හිතුවට වඩා මිල වෙනස් වුණ අද රන් වෙළඳපොළේ මිල ගණන් මෙන්න

යුක්රේන අගනුවර දෙදරුම් කයි - දැවැන්ත පිපිරීමක් සමඟ එල්ල වූ බැලස්ටික් ප්‍රහාරයකින් කියෙව් නගරය කැළඹෙයි

යුක්රේන අගනුවර දෙදරුම් කයි - දැවැන්ත පිපිරීමක් සමඟ එල්ල වූ බැලස්ටික් ප්‍රහාරයකින් කියෙව් නගරය කැළඹෙයි

GalleryGalleryGalleryGallery