මේ තරගාවලියට තරගාවලියට අයැදුම්පත් කැඳවෙයි - සැප්තැම්බර් මස 16 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වේ

Report

2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 16 වැනිදා සිට 19 වැනිදා දක්වා යාපනය, චාවකච්චේරි හි පිහිටි වලර්මති ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

රාජ්‍ය ආයතන අතර නෙට්බෝල් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සහ රාජ්‍ය සේවකයන්ගේ ක්‍රීඩා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් රාජ්‍ය සේවා නෙට්බෝල් ක්‍රීඩා සංගමය විසින් මෙම සමස්ත ලංකා තරගාවලිය සංවිධානය කරනු ලබයි.

ලොවක් ආදරය කළ ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුව වූ ලයනල් මෙසීගේ පියා ජීවිතක්ෂයට

ලොවක් ආදරය කළ ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුව වූ ලයනල් මෙසීගේ පියා ජීවිතක්ෂයට

මෙම අවස්ථාව සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන සියලුම රාජ්‍ය සේවා ක්‍රීඩා කණ්ඩායම්වලට අයැදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතින අතර, තරගාවලිය සඳහා වන අයදුම්පත් භාරගැනීම එළඹෙන අගෝස්තු මස 20 වැනිදා දක්වා සිදුකෙරේ.

අදාළ තරගාවලිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ අයදුම්පත් ලබාගැනීම සඳහා 0718181944 යන දුරකථන අංකය ඔස්සේ තරගාවලි ලේකම්වරයා ඇමතීමෙන් පහසුකම් සලසා ඇත.

මැගසින් බන්ධනාගාරයේ රැදවියන්ට පාර්සලයක් ලබා දීමට ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

මැගසින් බන්ධනාගාරයේ රැදවියන්ට පාර්සලයක් ලබා දීමට ගිය දෙදෙනෙක් අත්අඩංගුවට