යුක්රේන අගනුවර දෙදරුම් කයි - දැවැන්ත පිපිරීමක් සමඟ එල්ල වූ බැලස්ටික් ප්‍රහාරයකින් කියෙව් නගරය කැළඹෙයි
By Kaushi
යුක්රේන අගනුවර දෙදරුම් කමින් සිදුවූ පිපිරීම් සමඟ එක් රැයකින් එල්ල වූ බැලස්ටික් ප්‍රහාරයකින් තවත් පුද්ගලයෙකු මිය ගිය බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සඳහන් කරයි.
ඒ අනුව රුසියානු ප්‍රහාරවලින් කියෙව් අවට ප්‍රදේශයේ දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
බ්රෝවරි දිස්ත්‍රික්කයේ පුකිව්කා හි ඩබල් ටැප් ඩ්‍රෝන ප්‍රහාරයකින් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සීයා, ආච්චි සහ ඔවුන්ගේ අවුරුදු 3 ක් වයසැති මුණුපුරා බව පවසයි.
ඉරානය දෙදරයි - මොජ්තාබා කමේනි අසාධ්‍ය තත්ත්වයක් මත වහාම රෝහල් ගත කෙරේ.. ඊශ්‍රායල මාධ්‍යයෙන් ලෝකෙටම හෙළිදරව්වක්
එමෙන්ම දරුවාගේ දෙමව්පියන්, ඔහුගේ 15 හැවිරිදි සහෝදරයා සහ පවුලේ ආධාරයට පැමිණි අසල්වැසියෙකු තුවාල ලැබූ බව ද සෙලෙන්ස්කි X හි සඳහන් කර ඇත.
කෙසේ වෙතත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් "යුද්ධය දිගටම කරගෙන යාම සඳහා ඔහුගේ බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානාවලට මංමුලා සහගත ලෙස ඇලී සිටින" බවට සෙලෙන්ස්කි චෝදනා කරයි.