ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හදුන්වා දෙන අලුත් කාඩ් එක - විශේෂ වරප්‍රසාද රැසක්..
Sri Lanka
By krishani
ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ දියුණුවට සංචාරක කාඩ්පතක් එළිදැක්වීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෞද්ගලික බැංකුවක් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.
මෙම කාඩ්පත මගින් සංචාරකයන්ට සුරක්ෂිතව මෙරට දී භාණ්ඩ හා සේවා ලබාගැනීමට හැකිවනු ඇති අතර මෙම කාඩ්පත මගින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක කර්මාන්තයේ විවිධ සේවා සපයන්නන් සඳහා විශේෂ වරප්‍රසාද හිමි වේ.
එමෙන්ම සංචාරකයන් සමඟ ගණුදෙනු කිරීමේ දී විශේෂ වරප්‍රසාද ද හිමිවන අතර මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ගණනය කරගැනීම සහ ඔවුන් රැගෙන එන විදේශ විනිමය ඍජුව බැංකු සමඟ හුවමාරුවීම කරගැනීමට ද මෙම කාඩ්පත මගින් හැකිවීම විශේෂත්වයක් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |