අවදානයෙන් - අද මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි
අද (27) දිනයේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්වල්ප වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වේ.
එසේම ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද දන්වා ඇත.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු පළාතෙත්, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අමතරව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටියි.