අද කාලගුණ නිවේදනය

Sri Lanka Department of Meteorology Weather
By Zara Mar 10, 2025 12:30 AM GMT
Zara

Zara

Report

අද (10) දින ත්‍රිකුණාමලය සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා

එසේම සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.

කොළඹ සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) පමණ දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, කොළඹ සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවද තවදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

භාණ්ඩ මිල 14%කින් අඩු කලා.. තවත් අඩු කරනවා..

භාණ්ඩ මිල 14%කින් අඩු කලා.. තවත් අඩු කරනවා..

තෙල් සංස්ථා ලාබ 75%කින් අඩුවේ…

තෙල් සංස්ථා ලාබ 75%කින් අඩුවේ…

ReeCha