අළු බදාදා දිනය අදයි - චතාරික සමය ආරම්භ වෙයි

Report

“දූවිල්ලෙන් සෑදුනු මිනිසා දූවිල්ලටම හැරෙන්නේය” යන දේව ප්‍රකාශය සිහිපත් කරනු ලබන කිතුණු බැතිමතුන්ගේ අළු බදාදා දිනය අදට (18) යෙදී ඇත.

අළු බදාදා සමරමින් දිවයින පුරා කිතුනු දේවස්ථානවල දිව්‍ය පූජා පැවැත්වෙන අතර, එම පූජාවේ විශේෂ පිළිවෙතක් ලෙස බැතිමතුන්ගේ නළලට අළු තැවරීම සිදු කරනු ලබයි.

තවද ඊට සමගාමීව, අදින් චතාරික සමය ද ආරම්භ වෙයි. චතාරික සමය යනු කිතුණුවන් විසින් ජේසුස් වහන්සේගේ දුක්විඳීම, මරණය සහ නැවත උත්ථානය සිහිපත් කරමින් අනුස්මරණය කරන ආගමික සමයකි.

මෙම සමය සාමාන්‍යයෙන් දින 40ක කාලයක් පුරා පවත්වනු ලබයි.

මෙන්න මේ ලග්න වලටනම් අද සුබ‍යි, අද ලග්න පලාපල මෙන්න

මෙන්න මේ ලග්න වලටනම් අද සුබ‍යි, අද ලග්න පලාපල මෙන්න

මෙහි මූලික අරමුණු වනුයේ ආත්ම පරීක්ෂණය, පශ්චාත්තාපය, උපවාසය සහ යාච්ඤාවට විශේෂ අවධානය යොමු කරමින් බැතිමතුන් ආධ්‍යාත්මිකව සූදානම් වීම ආදියයි .

ජාත්‍යන්තරයෙන් ලංකාවට ඉහළ ප්‍රශංසාවක්

ජාත්‍යන්තරයෙන් ලංකාවට ඉහළ ප්‍රශංසාවක්