රත්තරන් ගන්න කියාපු දවස - රන්මිල රු.12,000කින් පහලට
ලෝක වෙළෙඳපොළේ සීග්‍රයෙන් ඉහළ ගිය රන් මිල මේ වන විට පහත වැටීමට හේතුවූයේ ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර ඇතිකරගත් ගිවිසුම බව සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය පවසයි.
අද වන විට ලෝක වෙළෙඳපොළේ රන් මිල අමෙරිකානු ඩොලර් 4737 සීමාවේ පවතියි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ කැරට් 24 රන් පවුමක මිලද මේ වන විට රුපියල් 12,000කින් පහත වැටී, කැරට් 24 රන් පවුමක් රුපියල් 368,000 දක්වා පහත වැටී ඇති බව සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කර ඇත.එමෙන්ම, කැරට් 22 රන් පවුමක මිලද රුපියල් 338,600 දක්වා පහත වැටී ඇත.
