ගංගාවක් දැඩි දුඟදක් ද සහිතව විෂ පෙණවලින් පිරී යයි - වාර්තා අතරටත් එක් වෙයි.. (VIDEO)

By krishani Jul 12, 2023 04:46 AM GMT
Report

බ්‍රසීලයේ සාවෝ පාවුලෝ හි දිගම ගංගාව ලෙස සැලකෙන ටියෙට් ගංගාව විෂ සහිත පෙණවලින් පිරී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ ටියෙට් ගංගාව සාවෝ පාවුලෝ හි දූෂිතම ගංගාව ලෙස වාර්තා අතරට එක් වෙමින් ය. 

ටියෙට් ගංගාව කලාපයට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය වන අතර ඒ ආශ්‍රිත ප්‍රදේශ දැඩි දුඟදක් හමා එන බව වාර්තා වේ.

එමගින් බ්‍රසීලයේ ජනගහනය වැඩිම නගරයක් වන සාවෝ පාවුලෝ හි ජන ජීවිතයට බාධා එල්ල වී තිබේ.

කෙසේ වෙතත්, විවිධ කර්මාන්තශාලාව මඟින් රහසේ ගංගාවට බැහැර කරන රසායනික ද්‍රව්‍ය මෙම අහිතකර තත්ත්වයට හේතු වී ඇති අතර එහි හයිඩ්‍රජන් සල්ෆයිඩ් මිශ්‍ර වී තිබීමෙන් එහි මිනිස් සෞඛ්‍යයට මෙන්ම පරිසරයට ද අහිතකර බැක්ටීරියා විශාල ප්‍රමාණයක් අඩංගු වී ඇති බව පරිසරවේදීන් සඳහන් කරයි.

විඩියෝ දර්ශන - Reuters Y-Tube Channel