ආණ්ඩුව කරගෙන යන්න අනුර සහෝදරයට උදව් කරන්නලු...තිස්සකුට්ටිට උදේම ආපු ආරාධනාව මුහුණුපොතේ දැම්මැයින් බුකිය කැළඹෙයි

Report

වැඩ නිසා නැතත් කට නිසා ජනප්‍රිය පිරිසක් ඉන්නවානේ. දේශපාලනය තුළත් වාග් ප්‍රහාර නිසාම ජනතාවගේ නිරන්තර අවධානය දිනා ගත් පිරිසක් ඉන්නවා.

ඒ අතරේ ආණ්ඩුවද විපක්ෂයද කියලා නෑ දේශපාලනය කරන්න ආ ගොඩක් අය කාලෙන් කාලෙට එහෙම මාතෘකා බවට පත් වෙනවා.

ඔන්න පහුගිය කාලේ එහෙම කතාබහට ලක්වූ චරිත අතරේ ඉන්න තවත් චරිතයක් කියලා තමයි බොහෝ අය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාව හඳුන්වන්නේ. ඒ ඔහු ඇතැම් වේදිකාවල දක්වපු වචන හරඹ නිසා.

මාව කඳවුරෙන් පන්නන්න හැදුවට ඒක කවදාවත් වෙන්නෙ නෑ...කඳවුරට දවසක නායකත්වය දෙනකල් මම ඉදිරියට යනවා - අවුළවන අයට හර්ෂගෙන් තරවටුවක්

මාව කඳවුරෙන් පන්නන්න හැදුවට ඒක කවදාවත් වෙන්නෙ නෑ...කඳවුරට දවසක නායකත්වය දෙනකල් මම ඉදිරියට යනවා - අවුළවන අයට හර්ෂගෙන් තරවටුවක්

]

එවැනි පසුබිමක ඔහු අද දින සිය මුහුණුපොතේ සටහනක් දමා තිබුණේ,

"උදේම ආරාධනාවක් ආවා. ආණ්ඩුව කරගෙන යන්න අනුර සහෝදරයට උදව් කරන්නලු" යනුවෙන්.

මේ පුංචි සටහන නිසා මේ වන විටත් විවිධ කතා සමාජ මාධ්‍යයෙන් ඇහෙන්නේ හාස්‍යට වගේම උපහාසයත් ඊට එක් කරලයි.

කොහොම වුණත් මෑත කාල සීමාවේදී විපක්ෂයේ ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන්ට ආණ්ඩුවට එක්වන ලෙස ආරාධනා ආණ්ඩුව පාර්ශවයෙන් කරා කියලා වාර්තා පළවෙද්දි තමයි තිස්සකුට්ටිආරච්චි මහතා මෙහෙම සටහනක් දාලා තියෙන්නේ.

තවත් බරපතළ ටෙන්ඩර් චෝදනාවක් - ගල් අඟුරුවලට වගේම මත්පැන් බෝතලේටත් විඳින්නද යන්නේ

තවත් බරපතළ ටෙන්ඩර් චෝදනාවක් - ගල් අඟුරුවලට වගේම මත්පැන් බෝතලේටත් විඳින්නද යන්නේ

හැබැයි ඉතින් ආණ්ඩු පාර්ශ්වය වුණත් නිතරම කියන්නෙත් දේශපාලන භේදයකින් තොරව ඕනෑම අයෙකුට රට ගොඩනැගීම සඳහා සහාය වීමට බාධාවක් නෑ කියලනේ.

කොහොමෙන් කොහොම හරි ආරාධනාවක් කරත් නැතත් රට ගොඩ නගන්න නම් හැම පුරවැසියාම සහය වෙන එක යුතුකමක් කියලා විතරක් අවසානෙට ඔය කාට කාටත් මතක් තිබ්බා නම් හොදයි කියලා තමා රටට වෙන දේ කම්මුලට අතක් තියන් බලන් ඉන්න ජනතාවගේ එකම ප්‍රාර්ථනේ.

තලපති විජේ ලංකාවට..ලොකුම ගැටලුව කච්චතිව් නෙවෙයි - සුබ පතන ගමන් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් කිව්ව තොන්ඩමන්

තලපති විජේ ලංකාවට..ලොකුම ගැටලුව කච්චතිව් නෙවෙයි - සුබ පතන ගමන් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් කිව්ව තොන්ඩමන්

ජනපති තලපතිට පමණක් සුබ පැතුවේ ඇයි - එජාපයෙන් චෝදනාවක්

ජනපති තලපතිට පමණක් සුබ පැතුවේ ඇයි - එජාපයෙන් චෝදනාවක්