පාසල් වෙත උපදෙස් මාලාවක් ... මෙන්න විස්තරය

School Children Sinhala news
By Hashan May 10, 2025 03:47 AM GMT
Hashan

Hashan

Report

පාසල් තුළ ළමුන්ට සිදු වන ශාරිරික, මානසික හා ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් නොදීම වර්තමානයේදී බහුලව දැකගත හැකි බවක් නිරීක්ෂණය වී ඇති බව ළමාරක්ෂක අධිකාරිය සඳහන් කළේ ය.

එයට හේතුව වන්නේ පාසලේ කිර්ති නාමය ආරක්ෂා කිරීම හෝ පැමිණිලිකාර පාර්ශ්වය අධෛර්යට පත්කිරීම වැනි කරුණු බව පෙන්වා දෙයි.

පාසල් වෙත උපදෙස් මාලාවක් ... මෙන්න විස්තරය | Tips Child Safety In Sri Lank

මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පැවසුවේ, එවැනි තත්ත්වයන් අවම කර ගැනීම සඳහා එවන් අපයෝජන අවස්ථාවල දී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සහ සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් පහත පරිදි දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

1. යම් අපයෝජන සිද්ධියක් පාසල තුළ වාර්තා වූ වහාම විදුහල්පති විසින් හෝ වගකිව යුතු පාර්ශ්වයන් විසින් ඒ පිළිබඳව පැය 24 පුරා ක්‍රියාත්මක 1929 ළමා උපකාරක සේවය මගින් හෝ ජාතික ළමාරක්ෂක අධිකාරිය, අංක 330 , තලවතුගොඩ පාර මාදිවෙල ශ්‍රී ජයවර්ධනපුර, යන ලිපිනය ඔස්සේ ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත වාර්තා කරන්නැයි පාසල් වලට උපදෙස් ලබා දීම.

අනාගත ගුරුවරුන් ගැන ඇහෙන අලුත්ම කතාව......

අනාගත ගුරුවරුන් ගැන ඇහෙන අලුත්ම කතාව......

2. ළමා අපයෝජනයක සැකකරුවන් යැයි චෝදනා ලබන විදුහල්පතිවරු හෝ ගුරුවරු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටත්, අවසාන නඩු තීන්දුව ලැබෙන තෙක් ඔවුන්ට තවදුරටත් ළමුන් සමග කටයුතු කිරීම වළක්වාලීමට අවශ්‍ය පියවර ගන්නැයි අධ්‍යාපන බලධාරින්ට උපදෙස් ලබා දීම,

3. එකී වග උත්තරකරුවන්ට එරෙහිව අභ්‍යන්තර විනය පරීක්ෂණ පවත්වන අවස්ථාවලදී වින්දිත ළමයින් තවදුරටත් පීඩාවට පත් නොවන පරිදි එකී පරීක්ෂණ පැවැත්විය යුතු බවට බලධාරින් දැනුවත් කිරීම,

4. ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් හෝ පොලිසිය මගින් ළමා අපයෝජනවල සැකකරුවන්ට එරෙහිව නීතිය බලාත්මක කරන විට පැමිණිලිකාර ළමයින් පාසලෙන් ඉවත් කිරීම හෝ ළමයින්ට බලපෑම් සිදුකිරීම, එම ළමයින් කොන් කිරීම හෝ ලේබල් කිරීම යන අගතිගාමි ක්‍රියා මාර්ග වලින් වැළකී සිටිය යුතු බවට අධ්‍යාපන බලධාරින් දැනුවත් කිරීම,

යන කරුණු ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සහ සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත යොමු කළ උපදෙස් අතර වෙයි.

තමන් ගාවට එන්න කියන්න තරම් මේ ඇමති උද්දච්චද? - ජෝශප් ස්ටාලින්

තමන් ගාවට එන්න කියන්න තරම් මේ ඇමති උද්දච්චද? - ජෝශප් ස්ටාලින්

ළමයින් සම්බන්ධයෙන් සිදුවන අපයෝජන සිද්ධි සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමේ කාර්යය වඩාත් කාර්යක්ෂම කිරීම සදහා අදාළ සිදුවීම් වලට සම්බන්ධ තොරතුරු නොසගවා ඒවා ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත කඩිනමින් වාර්තා කිරීම අත්‍යවශ්‍ය බවද ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

පුංචි ඡන්දෙට පාතාලෙන් 34 දෙනෙක් තරඟ කරලා....

පුංචි ඡන්දෙට පාතාලෙන් 34 දෙනෙක් තරඟ කරලා....

ReeCha