ටික් ටොක් එකෙන් හඳුනගත් තරුණයා බලන්න 12 හැවිරිදි පාසල් සිසුවිය මුලතිව් සිට හැටන් ගිහින් සිදු කළ දේ….

Sri Lanka TikTok Gossip Today
By Sithumi Jun 07, 2022 04:31 PM GMT
Sithumi

Sithumi

Report

මුලතිව් මූංකිලාරු ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් දැරියක් අතුරුදහන්ව ඇති බවට ලැබුනු පැමිණිල්ලකට අනුව සිදුකරන ලද පරික්ෂණවලදී අදාල දැරිය හැටන් ප්‍රදේශයේ සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි. 

අදාල පාසල් දැරිය පිළිබඳව දැරියගේ පියා විසින් ඊයේ (06) දින පොලීසියට දැනුම් දී ඇත්තේ දැරිය නිවසින් අතුරුදහන්ව ඇත්තේ ලිපියක්ද ලියා මුදල් සහ ජංගම දුරකතනයද රැගෙන බවටය. දැරිය විසින් ලියන ලද බවට සැකකෙරෙන ලිපියේ සඳහන් කොට ඇත්ත

‘ තාත්තේ මට සමාවෙන්න.මම මේ ගෙදර දාලා යනවා. මාව හොයන්න මහන්සි වෙන්න එපා අවශ්‍යනම් මේ අංකයට ඇමතුමක් දෙන්න යනුවෙන් දුරකතන අංකයක්ද සඳහන් කරන ලද ලිපියකිනි. කෙසේ වෙතත් දැරියගේ පියා ඇතුලු පොලීසිය විසින් අදාල දුරකතන අංකයට ඊයේ දින සිට ඇමතුම් ලබාගත්තද එය ක්‍රියාවිරහිත කොට තිබීම හේතුවෙන් සම්බන්ධ කරගැනීමට නොහැකි වී ඇති අතර අද (07) දිනයවන විට දැරිය සම්බන්ධ කරගැනීමට හැකි වූූ බව පොලිසිය පවසයි. 

දැනට ලැබි ඇති තොරතුරු වලට අනුව අදාල පාසල් සිසුවිය ගොස් ඇත්තේ හැටන් ප්‍රදේශයට බවටත් සමාජ මාධ්‍ය ජාලයක් වන ටික් ටොක් වෙතින් කිසියම් පිරිමි පුද්ගලයෙකු දැන හැඳින ඇති වූ සම්බන්ධතාවක් මත අදාල පිරිමි පුද්ගලයා හමුවීමට බවට සැක පලකරන බව ද පොලිසිය සඳහන් කරයි.

දැරියගේ පියා ඇතුලු ඥාතීන් විසින් දැරිය සොයා අද (07) දිනයේදී නැවත නිවසට රැගෙන ඒමට කටයුතු යොදා ඇති බවටත් සිද්ධිය සම්බන්ධයෙන් සියලු පාර්සවයන්ට උපදෙස් ලබාදී පරික්ෂණයක් සිදුකිරීමට පියවර ගන්නා බවද පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now