ටික්ටොක් කරන 17තේ සුරූපී කෙල්ලගේ සෙල්ලම් සියල්ල ලීක්වෙයි..මේ නම තියෙන තරුණිය දන්නව ද බලන්න..

Sri Lanka TikTok
By Aruna Sep 12, 2022 07:53 AM GMT
Aruna

Aruna

Report

ටික්ටොක්වලින් කොල්ලන් රවටා මීගමුවට ගෙන්වාගෙන සුද්දෙ දාලා

‘ටික්ටොක්’ සමාජ ජාලය තුළින් තරුණයන් සමග පෙම් සබඳතා පවත්වා පසුව එම තරුණයන් (පෙම්වතුන්) තමන් පදිංචි කොච්චිකඩේ ප්‍රදේශයට උපක්‍රමශීලීව ගෙන්වා තම පෙම්වතා සහ ඔහුගේ මිතුරු කල්ලියත් සමග එක්වී තරුණයන් (පෙම්වතුන්) පැහැරගෙන සිරකර කප්පම් ලබා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් මෙහෙයූ බව කියන 17 හැවිරිදි මීගමුවේ සුරූපී තරුණියක් ඇතුළු කප්පම් කල්ලිය කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ්‍රීනික ජයකොඩි මහතාගේ මෙහෙයවීම මත එහි අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කොට ඇත.

මෙම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව මෙම කොල්ලයට මුහුණ පෑ අය පස්සර ප්‍රදේශයේ පෞද්ගලික ආයුර්වේද රෝහල් සේවකයෙකි.

ඔහු ටික්ටොක් සමාජ ජාලය හරහා මෙහි සැකකාර තරුණිය සමග පෙම් සබඳතාවයක් පවත්වා ඇත.

පසුව සැකකාරිය තරුණයාගෙන් මුදල් ඉල්ලා ඇත.

තමා අත දැනට මුදල් නොමැති බව තරුණයා ඇයට දැන්වීමෙන් අනතුරුව පෙම් සබඳතාවය තාවකාලිකව නතරවී ඇත.

කෞෂා හෂිනි ප්‍රනාන්දු (17) තරුණිය ඇගේ මස්සිනා වන වැලිහේන පදිංචි විශ්වානදත් විජයම් සහ එල්. ඒ. අයේෂ් දිල්මිණ නමැත්තන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා සැප්තැම්බර් මස 22 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම වැටලීමට කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රීනික ජයකොඩි මහතාගේ මෙහෙයවීම මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පී. දර්ශන, පො.කො. (3304) කරුණාරත්න සහ (74460) රාජකරුණා යන නිලධාරිහු සහභාගි වූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now