ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ සේවාවට අද මධ්‍යම රාත්‍රියේ සිට නව වෙනසක්
ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනකට ව්‍යාපෘතිය පුත්තලම් ප්‍රවේශයෙන් අද (25) මධ්‍යම රාත්‍රීය සිට ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද (25) පවසයි.
කොළඹට ප්‍රවේශවන ප්‍රධාන මාර්ගයක් වන පුත්තලම් ප්‍රවේශය හරහා එනම් යාපනය සිට කොළඹ දක්වා, මන්නාර සිට කොළඹ දක්වා සහ තලේමන්නාරම සිට කොළඹ දක්වා ලෙස පොදු කාලසටහනකට අනුව බස් රථ ධාවනය කරන බවත් නිශ්චිත වෙලාවට බස් රථය ධාවනය ආරම්භ කර නියමිත වෙලාවට ගමනාන්තය දක්වා ළගාවිය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
පුත්තලම් ප්‍රවේශය හරහා යන සියලුම ලංගම සහ පෞද්ගලික බස් රථ ජීපීඑස් තාක්‍ෂණය ඔස්සේ අධීක්‍ෂණය කරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා අදාල බස් රථ නිශ්චිත ස්ථානවලට ළගාවිය යුතු කාලයන් ද නිලධාරීන් යොදවා අධික්‍ෂණය කරන බව ද සඳහන් කළේය.
ලබන වසරේ (2026) දෙසැම්බර් 31 වන විට මෙරට බහුතරයක් ප්‍රවේශයන්ගේ පොදු ප්‍රවාහන බස් රථ ඒකාබද්ධ කාලසටහනකට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් මගී ඉල්ලුම පරිදි ඉදිරියේදී පොදු කාලසටහන වෙනස් කරන බවත් ඒ මහතා කීය.
මෙම අදියරේදී කටුනායක, තෝප්පුව, මාදම්පේ, පලාවිය, පුත්තලම, සාලිය වැව, අනුරාධපුර නව බස් නැවතුම් පොළ, මැදවච්චිය සහ චව්නියාව යන ස්ථානවලදී අධීක්‍ෂණය කර දත්ත එකත කරන බවත් ඒ අනුව මෙම පොදු කාලසටහන දියුණු කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.