ටියුෂන් ගුරා තරුණයෙක්ව උස්සලා පොළොවේ ගහන දර්ශන ඔක්කොම CCTVවලින් මාට්ටු - රිමාන්ඩ්
පන්නිපිටිය, කලල්ගොඩ ප්‍රදේශයේදී තරුණයකු උස්සා පොළොවේ ගැසීම නිසා පොලිසියෙන් අත්අඩංගුවට ගත් භෞතික විද්‍යා (Physics) ටියුෂන් ගුරුවරයකු වන ඉංජිනේරු ශෙහාන් විදානපතිරණ නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කර ඇති බව සඳහන්.
ඒ අනුව පහරකෑමට ලක් වූ තරුණයාගේ වෙළඳසැල ඉදිරිපිට මෝටර් වාහනයක් ගාල් කිරීම නිසා අති වූ සුළු ආරවුලක් දුරදිග යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බව වාර්තා වුණා.
එසේම පහරකෑමට ලක්වූ තරුණයාගේ අභ්‍යන්තර ඉන්ද්‍රීයවලට තුවාල සිදුවීම හේතුවෙන් ඔහු රෝහල්ගතව නේවාසික ප්‍රතිකාර ලබන බවද සඳහන්.
කලල්ගොඩ, පන්නිපිටිය පාරේ අංක 388/E දරන ස්ථානයේ පිහිටි වෙළඳසැලක් ඉදිරිපිට ශෙහාන්ට අයත් සුදු පැහැති හොන්ඩා වේසල් (CBQ 9209 -Honda Vezel) වර්ගයේ කාර් රථය නවතා තිබෙනවා.
එහිදී එය ඉවත් කරගන්නා ලෙස වෙළඳසැල් හිමියා විසින් කළ දැනුම් දීමකට උරණ ව මෝටර් රථයේ හිමිකරු වන උපකාරක පන්ති ගුරුවරයා, එහි සිටි තරුණයෙකු උස්සා පොළොවේ ගසා ඇති බව CCTV දර්ශන මඟින් තහවුරු වී ඇති බව වාර්තා වේ.
එමෙන්ම පහරකෑමට ලක්ව ඇත්තේ ප්‍රසිද්ධ මංගල උත්සව සැලසුම්කරුවෙකු (Wedding Planner) වන ලසන්ත නැමැති තරුණයෙක් බවත් පවසයි.