ඉදිරියේදීත් දරුණු ගණයේ කාලගුණික තත්ත්වයන්
ඔස්ට්‍රේලියාවේ බටහිර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා පවසා ඇත්තේ පසුගිය නොවැම්බර් මාසයේදී සිදුවූ දරුණු ගණයේ කාලගුණික තත්ත්වයන් ඉදිරියේදීත් ඇතිවිය හැකි බැවින් එවැනි අවස්ථාවන්වලදී ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි.
සූම් තාක්ෂණය මගින් රූපවාහිනී නාලිකාවක් හා විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ සෑම වසරකදීම නොවැම්බර් මාසයේදී අවපීඩන තත්ත්වයන් නිර්මාණය වන නමුත්, මෙවර අව පීඩන තත්ත්වයන් දෙකක් එක්ව මෙම දරුණු කාලගුණ තත්ත්වය නිර්මාණය වූ බවයි.
ඔස්ට්‍රේලියාවේ බටහිර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන චරිත පට්ටිආරච්චි සුනාමි පුරෝකථන කිරීම සහ අවධානම් සිතියම් ගතකිරීමේ පද්ධතිය මෙරට නිර්මාණය කිරීමේ පුරෝගාමියෙක් වේ.
සාගර විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් සහ මහාචාර්ය තනතුරක් හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකිකයා ද වන චරිත් පට්ටිආරච්චි ''2025 වසරේ විශිෂ්ටතම විද්‍යාඥයා''ට හිමි සම්මානයද ඔස්ට්‍රේලියාවේදී හිමිකරගෙන ඇත.