දෙවියනේ ගුවන් යානයක් කන්දක් මතට කඩා වැටේ - 5ක් මරුට

Report

දරුණු ගුවන් අනතුරක් පිළිබඳව වාර්තා වේ.

ඒ අනුව අප්‍රිකාවේ උසම කන්ද ලෙසින් සැලකෙන ටැන්සානියාවේ කිලිමන්ජාරෝ කන්ද මතට හෙලිකොප්ටරයක් ​​කඩාවැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 5ක් මියගොස් ඇති බව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය අද (25) ප්‍රකාශ කළේය.

ටැන්සානියාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරේ, කිලිමන්ජාරෝ කන්දේ බරෆු කඳවුර (Barafu Camp) අසලදී ඊයේ (24) මෙම හෙලිකොප්ටරය කඩා වැටී ඇති බවය.

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

අනතුරට ලක්වූ හෙලිකොප්ටරය වෛද්‍ය ගලවාගැනීමේ මෙහෙයුමක යෙදී සිටියදී මෙම අනතුර සිදුව ඇත.

මියගිය අය අතර මාර්ගෝපදේශකයෙකු, වෛද්‍යවරයෙකු, ගුවන් නියමුවෙකු සහ විදේශීය සංචාරකයින් දෙදෙනෙකු සිට ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ මීටර් 4,670 - 4,700ත් අතර උසකදී බව සඳහන්. වාර්ෂිකව සංචාරකයින් 50,000ක් පමණ මෙම කන්ද තරණය කරනු ලැබේ.

අධිවේගී මාර්ග එක් දවසක් තුළ ඉපැයූ ඉහළම ආදායම වාර්තා කරයි

අධිවේගී මාර්ග එක් දවසක් තුළ ඉපැයූ ඉහළම ආදායම වාර්තා කරයි