2026 ලංකාවේ දේශපාලනයට මොකක්ද මේ වෙන්න යන්නේ?

Report

ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් සිදුවූ මෙම වසර අවසානයේදී දේශපාලන ක්ෂේත්‍රය තුළ පවතින දැඩි නිහඬතාවය දේශපාලන විචාරකයින්ගේ දැඩි අවධානයට ලක්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව දේශපාලන විචාරකයින්ගේ මතය වී ඇත්තේ විශේෂයෙන්ම මෑතකදී සිදුවූ දිට්වා සුළි කුණාටුවෙන් පසුව දේශපාලනඥයින් බොහෝ පිරිසක් ජනතාවට සහන සැලසීමේ කටයුතු සමඟ සම්බන්ධ වී සිටීම මෙම තත්ත්වයට හේතුව බවයි.

කෙසේ වෙතත් සුළි කුණාටුවේ බලපෑමෙන් පසුව ජාතික තලයේ දේශපාලනඥයින් මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයින් ද අදාළ ප්‍රදේශ තුළ මේ වනවිටත් ආපදා සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටින බව සඳහන්.

එසේම දේශපාලන විචාරකයින් දක්වන්නේ සුළි කුණාටුවේ බලපෑමට ලක් නොවූ ප්‍රදේශවල දේශපාලනඥයින් බලපෑමට ලක්වූ ප්‍රදේශ වෙත ගොස් එම සහන කටයුතු හා සම්බන්ධ වෙමින් සිටින බවයි.

IMF එකෙනුයි ඉන්දියාවෙනුයි දුන්න ආධාර ගැන රාජිතගෙන් බරපතළ හෙළිදරව්වක්

IMF එකෙනුයි ඉන්දියාවෙනුයි දුන්න ආධාර ගැන රාජිතගෙන් බරපතළ හෙළිදරව්වක්

එබැවින් මෙම තත්ත්වය තුළ ජාතික දේශපාලනය නිසොල්මනේ ගමන් කරන ආකාරයක් පෙන්නුම් කරන බව සඳහන්. ඉකුත් වසර අවසානයේ ඇතැම් දේශපාලනඥයින් විදෙස් රටවල සංචාරට එක්වුවද මෙම වසරේදී එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවත් පවසයි.

එමෙන්ම එළැඹෙන 2026 වසර ජාතික දේශපාලනයට මෙන්න ප්‍රාදේශීය දේශපාලනයට ද සුවිශේෂී වසරක් විය හැකි බවට අපේක්ෂා කරයි.

එයට හේතුව දිට්වා සුළි කුණාටුවෙන් පසුව රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට සියලු දේශපාලනඥයින්ට එකාවන්ව කටයුතු කිරීමට සිදුවීම බවත් දක්වයි.

කොළඹ අයවැයට දෙවැනි වර ඡන්ද විමසීම ලබන බදාදා

කොළඹ අයවැයට දෙවැනි වර ඡන්ද විමසීම ලබන බදාදා

තවද දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ මාලිමාවට බලය හිමි නගර සභා, මහ නගර සභා මෙන්ම ප්‍රාදේශීය සභාවලද අයවැය පරාදවීම හමුවේ එම සභාවල බලය පවත්වාගෙන යෑමට ප්‍රාදේශීය දේශපාලනඥයින්ට විශාල කැප කිරීමක් කිරීමට සිදුවී ඇති බවයි.

එබැවින් දිගින් දිගටම කල් දැමුණු පළාත් සභා මැතිවරණය ලබන වසරේ පවත්වන බවට ප්‍රකාශ කෙරුණ ද මේ වනවිට එය පැවැත්වීම සම්බන්ධයෙන්ද අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇත. එමෙන්ම මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය කටයුතු සිදුනොවීමත් මීට එක් හේතුවක් බව සඳහන්.

වැඩිදුරටත් විචාරකයින් පෙන්වා දෙන්නේ විපක්ෂයේ දේශපාලන පක්ෂ සන්ධානගත වෙමින් ආණ්ඩුවට අභියෝගයක් වන ආකාරයෙන් කටයුතු කිරීම 2026 වසර තුළ සිදුවනු ඇති බවයි.

පා.මන්ත්‍රී අර්ච්චුනාට මරණ තර්ජන - පොලීසිය පක්ෂ කාර්යාලයට ගිහින් බලද්දි කවුරුත් නෑ

පා.මන්ත්‍රී අර්ච්චුනාට මරණ තර්ජන - පොලීසිය පක්ෂ කාර්යාලයට ගිහින් බලද්දි කවුරුත් නෑ