කාන්තාවන් 3ක් එකතුවෙලා දීපු ගේම... 3ම අත්අඩංගුවට

Report

නිවසක් බිඳ දේපොළ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලීසිය කටයුතු කර තිබේ.

මරණය ගැන සැකයි... පොලිසිය තොරතුරු වසන් කරනවා... අලුත්ම තත්ත්වය මෙන්න (PHOTOS) (VIDEO)(UPDATE)

මරණය ගැන සැකයි... පොලිසිය තොරතුරු වසන් කරනවා... අලුත්ම තත්ත්වය මෙන්න (PHOTOS) (VIDEO)(UPDATE)

පසුගිය මාර්තු 24 වනදා මොරටුව පොලිස් වසමේදී අදාළ නිවසට ඇතුළුවී තිබූ කාන්තාවන් තිදෙනෙකු නිවසේ තිබූ රුපියල් 639,000ක මුදලක් සොරකම් කර තිබූ බවට පොලීසිය පැමිණිල්ලක් ලැබී තිබුණි.

මෙම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකාරියන් තිදෙනෙකු මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ඊයේ (03) දහවල් මොරටුව පොලිස් වසමේ කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

උඹල අපට බදු ගහනවා නම් අපිත් ඊට වඩා උඹලට බදු ගහනවා... ට්‍රම්ප් අනුරව හිර කරයි (VIDEO)

උඹල අපට බදු ගහනවා නම් අපිත් ඊට වඩා උඹලට බදු ගහනවා... ට්‍රම්ප් අනුරව හිර කරයි (VIDEO)

සැකකාරියන් අවුරුදු 33 හා 47 යන වයස්වල පසුවන කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවල පදිංචිකාරියන් ය. සොරා ගන්නා ලද දේපොළවලින් කොටසක් පොලිස් භාරයට ගෙන ඇති අතර මොරටුව පොලීසිය සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන සිදුකරයි.