ත්‍රීරෝද රථ ගාස්තු ගැන සංගමෙන් ඇසෙන දැඩී තීන්දුව
සමස්ත ලංකා ත්‍රීරෝද රථහිමියන්ගේ සංගමය සදහන් කරන්නේ ඉන්ධන මිල සංශෝධනය වුවද නිසි නියාමනයක් සිදුනොකර ත්‍රීරෝද රථ සඳහා අය කරන ගාස්තු සංශෝධනයක් සිදුනොවන බවයි.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් පහත දැමුවද එහි වාසිය පාරිභෝගිකයාට නොලැබෙන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථහිමියන්ගේ සභාපති ලලිත් ධර්මසේකර මහතා සදහන් කරයි .
මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබුණි.
ඒ අනුව රුපියල් 299 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 294 ක් වේ.
සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා මෙම ඉන්ධන සංශෝධනය ගැන දක්වන්නේ මෙවන් අදහසක්
"අපි මේ විදියට අවුරුදු හතලිස් ගාණක් ආවා. බස්නාහිර පළාත් සභාවේ අවසාන වශයෙන් තීරණය කළේ මොකක්ද ?. උපරිමය රුපියල් 100යි. දෙවනි කිලෝමීටරයට රුපියල් 85යි. සාධාරණ මිනිස්සු කොටසක් ඉන්නවා. 100යි 85ට දුවන. ඇහුවාම සමහර අය අපි දුවන්නේ 100යි 100යි කියලත් කියනවා. ජනතාව මැසිවිලි නගනවා. ගසාකෑම් සිද්ධවෙනවා. අපි සූදානම් නැහැ තවදුරටත් විහිළුකාරයෝ වෙන්න. ඒත් ශක්තිමත් නියාමනයක් යටතේ මිල නියාමනය සිදු වුණොත් ඒක නීතියක් වෙනවා. අවට ගියාට නෙමෙයි නිෂ්චිත මිල සූත්‍රයටක අනුව හරියට ගාණක් කියලා ජනතාවට ඒක දැනුවත් කළාම අර තියෙන වංචා ඔක්කොම සමනය වෙලා මේක කරගෙන යන්න පුළුවන්. මේ පාරත් පැහැදිලිවම ගාස්තුවේ වෙනසක් නැහැ. ලබන පාරත් අඩු වුණත් වැඩි වුණත් කරන්නේ නැහැ."