දළදා වදින්න පැමිණෙන්න මාර්ග තුනක්
By Hashini
සිරි දළදා ප්‍රදර්ශනය ලබන 18 වැනිදායින් ඇරඹෙනවා.
එම වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග 3 ක් නම් කර තිබේ.
ඒ අනුව,
1. ඞී.එස්. සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමල වීදිය) ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගය
2. රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගය
3. රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (මාලිගාව පෙදෙස) හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගය මෙම මාර්ග ඔස්සේ සිරි දළදා වන්දනාවට පැමිණිය හැකිය.