ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකුට ඇෆ්ගනිස්ථානයේ දී වෙඩි ප්‍රහාරයක්...
By Parami Dissanayake
මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ බාමියන් නගරයේ දී ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු වෙඩි තබා මරා දමා ඇති අතර, එහිදී ඇෆ්ගන් ජාතිකයෙකු ද මිය ගොස් ඇති අතර තවත් විදේශිකයන් හතර දෙනෙකු සහ ඇෆ්ගනිස්තාන ජාතිකයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් පුද්ගලයන් 4 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ඇෆ්ගනිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්දුල් මතීන් කානි පැවසුවේ ය.
එමෙන්ම රජය මෙම අපරාධය දැඩි ලෙස හෙළා දකින අතර, සියලු අපරාධකරුවන් සොයාගෙන දඬුවම් කරන බවට සහතික වන බවට ඇෆ්ගන් රජය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
තව ද, ස්පාඤ්ඤ අගමැති පේද්රෝ සැන්චෙස් සමාජ මාධ්‍යවල සටහනක් තබමින් කියා සිටියේ ඇෆ්ගනිස්ථානයේදී ස්පාඤ්ඤ සංචාරකයින් ඝාතනය කිරීමේ ප්‍රවෘත්තියෙන් තමන් කම්පනයට පත් වූ බවයි.