ජනපති රනිල් වික්‍රමසිංහ අද ඉන්දුනීසියාවට...

Report

අද (18) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ බාලිහි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

අද සිට මැයි 20 වන දින දක්වා ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වීමට නියමිත 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියේ මෙවර තේමාව “සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන්නයි.

යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකුට දිවි අහිමි වේ...

යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකුට දිවි අහිමි වේ...


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 20 වනදා සමුළුව අමතා සිය විශේෂ දේශනය සිදුකිරීමට කරන බව ද සඳහන් වේ.

එමෙන් ම, ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බව , ජනාධිපති මාධ්‍ය අංශය තව දුරටත් සඳහන් කරයි.