තලවතුගොඩත් හදිසියේ ගිනි ගනී - ගින්න පාලනය කිරීමේ දැඩි උත්සාහය සමඟ සිරවී සිටි තිදෙනෙකු බේරා ගනී
තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක අද (09) දින පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම ගින්න පාලනය කිරීමට ගිනි නිවන රථ තුනක් එම ස්ථානයට යොදවා ඇති බව ගිනි නිවන සහ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත.
එමෙන්ම ගින්න හටගන්නා අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙකු ගිනි නිවන භටයින් විසින් බේරාගෙන ඇති බව සඳහන්.
එසේම පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
සාරංගානියේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් පාසල් කඩා වැටෙයි - ලෝකෙම සලිත කරමින් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය කළඹයි
එසේම තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇති බව පොලීසිය පවසයි. කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න ඇති වී ඇති බවට පොලීසිය සැකපළ කරයි.
එසේම තලවතුගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.