ලෝකෙම සලිත කරමින් රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම් - ප්‍රබල භූමිකම්පාවෙන් තිදෙනෙක් මරුට
මින්ඩනාඕ දූපතේ අද(08) දින 7.8 ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිවීමෙන් අනතුරුව පිලිපීනය, ඉන්දුනීසියාව සහ ජපානය ඇතුළු රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මේ අතර පිලිපීනයේ ගොඩනැගිලි කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් 05දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
එමෙන්ම භූමි හානියේ ප්‍රමාණය බලධාරීන් තක්සේරු කරන බැවින් මරණ සංඛ්‍යාව තවමත් සත්‍යාපනය වෙමින් පවතින බව ජෙනරාල් සැන්ටොස් හි ආපදා කළමනාකරණ ප්‍රධානී ඇග්‍රිපිනෝ ඩැසෙරා සඳහන් කළ බව වාර්තා වේ.
කෙසේ වෙතත් රිච්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රභලත්වයෙන් යුත් මෙම භූ කම්පනය පිලිපීන වේලාවෙන් අද(08) දින උදෑසන 7.37ට පමණ සිදුව ඇති බව සඳහන්.
පිලිපීන භූ විද්‍යා ආයතනය දක්වන්නේ මෙම භූ කම්පනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් භූකම්පනය හේතුවෙන් තවත් පසු කම්පන 138ක් ද වාර්තා තිබෙන බව වාර්තා වේ.