බෙර වාදක දුෂ්මන්ත ඝාතනයේ සැකකරුවන් තිදෙනා රිමාන්ඩ් ගත කරයි

Report

බෙර වාදන ශිල්පියෙකු ලෙස කටයුතු කළ දුෂ්මන්ත සඳරුවන් නමැත්තා ඝාතනය කර සිරුර වළදැමීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා දෙසැම්බර් 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

දුෂ්මන්ත අතුරුදන් වී දින හයක් ගතවීමෙන් පසු ඊයේ (28) රාත්‍රියේ කැස්බෑව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

එම තොරතුරු ලබාදුන් පුද්ගලයා පවසා ඇත්තේ, අතුරුදන්ව සිටි දුෂ්මන්ත මංජු නමැත්තා සහ ඔහුගේ මිතුරන් පිරිසක් විසින් ඝාතනය කර ඇති බවයි.

දුෂ්මන්ත සිය බිරිඳට පැවසූ පරිදි මංජුගේ නිවසට ගොස් ඇති අතර, පසුව ඔහු හෙරළියාවල ප්‍රදේශයේ පිහිටි දේවාලයක පිටුපස කාමරයකට රැගෙන ගොස් තිබේ.

එහිදී පොලු මුගුරුවලින් පහරදී ඔහු ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

වසර 24ක් පුරා මෙරට බිම්බෝම්බ ඉවත් කරන්න අමෙරිකාවෙන් ඩොලර් මිලියන 130ක්

වසර 24ක් පුරා මෙරට බිම්බෝම්බ ඉවත් කරන්න අමෙරිකාවෙන් ඩොලර් මිලියන 130ක්

අනතුරුව අලවංගුවක් ආධාරයෙන් ඔහුගේ අස්ථි බිඳ දමා සිරුර බෑගයකට දමා ඝාතනය සිදුකළ ස්ථානයේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටි ඇළ ඉවුරක වළදමා ඇති බව ද එම තොරතුරෙන් හෙළි වී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ කැස්බෑව පොලිසියේ නිලධාරීන් විමර්ශන ආරම්භ කර ඇති අතර, දුෂ්මන්ත සිය යතුරුපැදියෙන් මංජුගේ නිවස දෙසට ගමන් කරන ආකාරය දැක්වෙන CCTV දර්ශන ද සොයාගෙන ඇත.

අනතුරුව ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති මංජු සහ තවත් සැකකරුවෙකු කහපොළ ප්‍රදේශයේදීත්, දේවාලය භාර කපුවා හෙරළියාවල ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගෙන තිබේ.

දුෂ්මන්ත පැමිණි යතුරුපැදිය සහ ඔහුගේ ගමන්මල්ල ද සඟවා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

ඝාතනයෙන් පසුව යතුරුපැදිය සැඟවීම සඳහා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

එමෙන්ම, ඝාතනය සිදුකරන ආකාරය දෙවැනි සැකකරු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර පසුව එය මකා දමා ඇති බව ද විමර්ශනවලදී හෙළි වී ඇත.

අදාළ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, දුෂ්මන්තගේ සිරුර අද (29) ගොඩගැනීමට නියමිත බවත් පොලිසිය සඳහන් කරයි.

විශේෂ දැනුම්දීමක් - හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයට පරිපාලන සේවා සංගමයේ සහාය නෑ

විශේෂ දැනුම්දීමක් - හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයට පරිපාලන සේවා සංගමයේ සහාය නෑ