‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ ගැටඹේ ජල තුළුමුව හා පොම්පාගාරය ප්‍රතිසංස්කරණය කරයි
By Mithu
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් හානි සිදුව අකර්මණ්‍ය වූ ගැටඹේ ජල තුළුමුව හා පොම්පාගාරය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අද (29) ජනතා අයිතියට පත් කෙරිණි.
මහනුවර මහ නගර සභාවේ රුපියල් මිලියන 350කට අධික අරමුදල් යොදා ගනිමින් මෙම ප්‍රතිසංස්කරණ හා නවීකරණ කටයුතු සිදු කර තිබේ.
විශේෂත්වය වන්නේ මහනුවර මහ නගර සභාවේ ඉංජිනේරුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සෘජු දායකත්වයෙන් මෙම සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබීමයි.
ඉදිරියේදී ඇති විය හැකි ආපදා සහ අවදානම් තත්ත්වයන්ට වඩාත් සාර්ථකව මුහුණ දිය හැකි වන පරිදි මෙම ජල පද්ධතිය නවීකරණය කර ඇති අතර, ඒ හරහා මහනුවර ප්‍රදේශයේ ජනතාවට අඛණ්ඩ ජල සැපයුම් සේවාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් මේ වන විට තහවුරු කර ඇත.