ධුරයෙන් සමුගන්නා ඉන්දීය මහකොමසාරිස් මහනාහිමිවරු බැහැදැක ආශිර්වාද ලබාගනී
සිය ධුර කාලය අවසන් කරමින් දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා , මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි අතිපූජ්‍ය මහනායක ස්වාමීන් වහන්සේලා බැහැදැක සමුගැනීමේ ආශිර්වාද ලබාගෙන තිබේ.
මෙම හමුවේදී, 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන යළි ගොඩනැගීමේ කටයුතු සඳහා ඉන්දියාවේ අඛණ්ඩ කැපවීම පිළිබඳව මහකොමසාරිස්වරයා විසින් මහනාහිමිවරුන් දැනුවත් කරනු ලැබීය.
එමෙන්ම, ඓතිහාසික අනුරාධපුර පූජා නගරයේ යෝජිත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අදාළ තොරතුරු ද ඒ මහතා විසින් උන්වහන්සේලා වෙත ඉදිරිපත් කර ඇත.
මහනායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බව ද ඉන්දීය මහකොමසාරිස්වරයා මෙහිදී සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා පකිස්ථාන අවසන් සටනේ කාසියේ වාසිය පාකිස්තානයට - පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි
මේ අතර, දිට්වා සුළි කුණාටුව සිදු වී වසරක් සපිරීම නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ, මෙය "ඔරොත්තු දීමේ ශක්තිය පිළිබඳ වසරක් සහ සහයෝගීතාවයේ බැඳීමක්" බවයි.
එම ආපදාවෙන් බලපෑමට පත් ජනතාව මෙම මොහොතේ සිහිපත් කරන බවත්, ශ්‍රී ලංකාව පුරා ජනතාව පෙන්නුම් කළ ධෛර්යය සහ ඔරොත්තු දීමේ ශක්තිය අගය කරන බවත් එම පණිවුඩයේ දැක්වේ. තවද, ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීම සහ යළි ගොඩනැගීම උදෙසා ගන්නා ප්‍රයත්නයන්හිදී නොසැලෙන හවුල්කරුවකු ලෙස ඉන්දියාව අඛණ්ඩව රැඳී සිටින බව ද එමගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.