විපක්ෂයේ වැඩවර්ජනයට රාජ්‍ය සේවක බහුතරයකගේ සහාය නැහැ - සංවර්ධන නිලධාරී සංගමයෙන් දැඩි ප්‍රකාශයක්
විපක්ෂය විසින් මෙහෙයවනු ලබන වැඩවර්ජන සහ වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා මෙරට බහුතර ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද සහභාගී නොවන බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චමිල අබේසිංහ මහතා පවසනවා.
ඉතා සුළු පිරිසක් පමණක් එවැනි වෘත්තීය ක්‍රියාමාර්ගවලට සහාය දැක්වුවද, දේශපාලනික අරමුණු මත ක්‍රියාත්මක වන වෘත්තීය සමිති පසුපස යාමෙන් රාජ්‍ය සේවකයින්ට කිසිදු ප්‍රතිලාභයක් අත්කර ගැනීමට නොහැකි බව ඔහු පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, රාජ්‍ය සේවකයින් මුහුණ දෙන සැබෑ ගැටලු විසඳීම සඳහා වගකිවයුතු වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස තම සංගමය මැදිහත් වන බවත්, ඒ සඳහා වත්මන් රජයේ සහාය ද ලබාගෙන අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.
ඒ අනුව, විපක්ෂය විසින් මෙහෙයවනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගයට තම සංගමය කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවන බව අවධාරණය කළ චමිල අබේසිංහ මහතා, එළඹෙන 30 වැනිදා සියලු සාමාජිකයින් සුපුරුදු පරිදි රාජකාරි සඳහා වාර්තා කරන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළා.