රතිඤ්ඤා දැමූ බවට සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට
By Parami Dissanayake
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මධ්‍යම වෙළෙඳපොල ඉදිරිපිට දී පැවති සමඟි ජන බලවේගයේ ප්‍රචාරක රැළිය අවස්ථාවේ දී රතිඤ්ඤා තොගයක් පිපිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස, රතිඤ්ඤා තොගය පිපිරවීම හේතුවෙන් පොලිස් නිලධාරින් 05 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
කෙසේ වෙතත්, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ඒ අතරින් එක් නිලධාරියෙකු බරපතල පිළිස්සුම් තුවාල ලබා ඇති බව ය.
ඒ අනුව, මෙම සැකකරුවන් තිදෙනා මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත