ශ්‍රී ලාංකික තරුණයින්ට ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථා...

By Parami Dissanayake Sep 10, 2024 02:16 PM GMT
Report

ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලාංකික තරුණයින්ට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වසර 5යි මාස 5ක කාලයක් රැකියාවල නිරතවීමට අවස්ථා හිමිවී ඇත.

ඒ අනුව, ශ්‍රී ලාංකික තරුණයින් 2,252 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙනවා.

ඊයේ (09) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සැප්තැම්බර් මස 12 සහ 18 වන දින ඊශ්‍රායලය බලා යාමට නියමිත තරුණයන් 69 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ද සිදු විය.

මැතිවරණ පැමිණිලි 4000ත් ඉක්මවයි...

මැතිවරණ පැමිණිලි 4000ත් ඉක්මවයි...

ඊශ්‍රායලයේ ෆීබා ආයතනය විසින් ලොතරැයි ක්‍රමවේදයට අනුව තෝරාගනු ලබන රැකියාලාභීන් ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කාර්යාංශය විසින් පුද්ගලයින් යොමුකරන අතර, එලෙස තෝරාගනු ලබන පුද්ගලයින්ගේ ඉදිරි කටයුතු විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදුකරනු ඇත .

රජයන් දෙක අතර පවත්නා අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා අවස්ථා හිමිවන බැවින් මෙම රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීමට වෙනත් කිසිඳු පුද්ගලයෙකුට අවසර ලබාදී නොමැති බව ද වාර්තා වේ.

එබැවින්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඊශ්‍රායලයේ කෘෂි රැකියා ලබාගැනීම සඳහා වෙනත් කිසිදු බාහිර පාර්ශ්වයකට මුදල් ලබාදීමෙන් වළකින ලෙස ය.