නවක ක්‍රීඩකයින් තිදෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට..

By krishani Jul 05, 2022 05:14 AM GMT
Report

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නවක ක්‍රීඩකයන් තිදෙනෙක් කැඳවා තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එම නවක ක්‍රීඩකයන් තිදෙනා ඊයේ (04) දින සිට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීමට කටයුතු කළ අතර එම නවක ක්‍රීඩකයන් තිදෙනා වන්නේ මහීෂ් තීක්ෂණ, ලක්ෂිත මානසිංහ සහ දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයින් ය.

එමෙන්ම ලසිත් ඇඹුල්දෙණිය සංචිතයෙන් නිදහස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join