කලපුව ආශ්‍රිතව පැවැති මත්පැන් නිෂ්පාදනාගාර තුනක් කොටු
ගාල්ල හික්කඩුව මලවැන්න කලපුව ආශ්‍රිතව සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර තුනක් (03) වටලා රුපියල් ලක්ෂ දහයක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් තිදෙනකු අද (10) ගාල්ල සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු මිලි ලීටර 24,000 ක් සහ නීති විරෝධී ලෙස සාදන ලද මත්පැන් (ගෝඩා ) මිලි ලීටර 172,000 සමග නිෂ්පාදනය සදහා යොදවා ගත් බැරල් දගර ඇතුළු උපකරණ තොගයක් තිබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.
මහජනතාවගේ ලද තොරතුරු අනුව කොටුකර ගත් මත්පැන් නිෂ්පාදනාගාර වලින් නීති විරෝධී ස්ප්‍රීතු හෙවත් කසිප්පු පෙරීම සම්බන්දව අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 38, 39, හා 52 යන වයස් වල පසුවන මලවැන්න කලපුව ආශ්‍රිතවම පදිංචි පුද්ගලයින් බවට හඳුනාගෙන තිබේ. අත්අඩංගුවට ගනු ලැබූ සියලු සැකකරුවන් ලක්ෂ එකහමාර බැගින් වු සුරාබදු ඇප මත මුදා හැර ඇති අතර ඔවුන්ට එරෙහිව මේ මස . 28 වන බදාදා දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයන්හි නඩු පැවරීමට නියමිතව ඇත..
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි හා සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත, දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතාගේ මගපෙන්වීම යටතේ , සුරාබදු අධිකාරි සුනිල් ශාන්ත මහතාගේ අධික්ෂණයෙන් ගාල්ල සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති සේනාධීර මහතාගේ මෙහෙයවීමෙන් වෙත්තසිංහ හා නලින් නන්දසිරි යන සුරාබදු පරික්ෂකවරුන්, සුරාබදු සැරයන් 934 සිල්වා, සුරාබදු කෝප්‍රල් 657 නිහාල්, සුරාබදු නියාමක 980 ඉන්දික, 1088 ධනංජය, 1117 උදාන සුරාබදු රියදුරු ජිනේන්ද්‍ර හා සමන්ත යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ..

