නිවැසියන්ගේ අවවාදය නොඉවසූ බාලවයස්කාර දරුවන් තිදෙනෙක් නිවෙස්වලින් පලා ගිහින්..
Sri Lanka Police
Sri Lanka
By krishani
පසුගිය 14 වන දින, වෙන්නප්පුව ප්‍රදේශයේ නිවෙස්වලින් පළාගිය බාල වයස්කාර දරුවන් තිදෙනා ගාල්ල ප්‍රදේශයෙන් සොයාගත් බව පොලිසිය සඳහන් කළේ ය.
ඔවුන් වයස අවුරුදු 14ත් 15ත් වයස් කාණ්ඩවල පසුවන්නන් වේ.
සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් යළි නිවෙස් වෙත පැමිණි අවස්ථාවේ දී එක් දරුවෙකුගේ මිත්තනිය විසින් ඔවුන්ට බැනවැදීමේ සිද්ධියක් මුල්කරගෙන මොවුන් තිදෙනා නිවෙස්වලින් පළාගොස් ඇත්තේ.
සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කළ වෙන්නප්පුව පොලිස් නිලධාරීන් ඊයේ මෙම සිසුන් තිදෙනා ගාල්ල ප්‍රදේශයේ දී සොයාගෙන තිබෙනවා.
කෙසේවෙතත්, අද (18) එම දරුවන් දෙමව්පියන් වෙත යළි භාරදීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |