ඊයේ මුළු අම්බලන්තොටම නොසන්සුන් කරමින් පිළිරුවක් මත හිස තබා ගිය සැකකරුවන් අත්අඩංගුවට - ඝාතනය කරද්දි දරුවොයි බිරිඳයිත් ගේ ඇතුළේ
අම්බලන්තොට, මාමඩල දකුණ, බෝකුටුයාය ප්රදේශයේ නිවසකට කඩාවැදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව ඉකුත්දා රාත්රියේ මෙම පිරිස අදාළ නිවසට කඩාවැදී වෙඩි තබා පසුව තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබුණු අතර ඝාතනයෙන් පසු මියගිය පුද්ගලයාගේ හිස කඳින් වෙන්කර මාමඩල හන්දියේ පිහිටි පිළිරුවක් මත තබා ගොස් තිබීම නිසා ප්රදේශ තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
එමෙන්ම ඝාතනය සිදුවන අවස්ථාව වන විට එම පුද්ගලයාගේ දරුවන්, බිරිඳ සහ මාමණ්ඩි ද නිවසේ රැඳී සිට ඇති අතර, සැකකරුවන් සමඟ පොරබැඳීමේදී තුවාල ලැබූ මාමණ්ඩි ද ප්රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වීරසේකර ආරච්චිගේ ලක්මාල් සඳරුවන් නමැති 34 හැවිරිදි තිදරු පියෙක් වූ අතර ඔහුගේ උපන් දිනය ද පෙරේදා දිනට යෙදී තිබුණු බව වාර්තා වේ.
සිද්ධිය පිළිබඳ මහේස්ත්රාත් පරීක්ෂණය හම්බන්තොට මහේස්ත්රාත් Y.R.B. නෙළුම්දෙණිය විසින් සිදුකළ අතර මෙම ඝාතනය පෞද්ගලික ආරවුලක් මත සිදුව ඇති බවට සැකකරන බව පොලිසිය සඳහන් කරයි.
ඉකුත් වසරේ පෙබරවාරි මස 02 වැනිදා අම්බලන්තොට මාමඩල බැමිණියන්වල ප්රදේශයේදී පුද්ගලයින් තිදෙනෙකු කපා කොටා ඝාතනය කර තිබූ අතර පොලිසිය සඳහන් කළේ නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් එම ඝාතනයට හේතු වී තිබු බවත්, ඊයේ ඝාතනය ලක්වූ පුද්ගලයා මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙක් බවත් ය.
බිහිසුණු අනතුරක් - පාසැල් ළමුන් ප්රවාහන බස් රථයක් හා ලංගම බසයක් ගැටෙයි - ළමුන් ඇතුළු පුද්ගයන් රැසකට තුවාල