බිහිසුණු අනතුරක් - පාසැල් ළමුන් ප්‍රවාහන බස් රථයක් හා ලංගම බසයක් ගැටෙයි - ළමුන් ඇතුළු පුද්ගයන් රැසකට තුවාල [PHOTOS]
By Kaushi
අද (13) දින උදෑසන කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේදී බස් රථ දෙකක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. ඒ කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල, පොල්ගහමුල්ල ඇඟලුම් කර්මාන්ත ශාලාව අසලදීයි.
පාසැල් ළමුන් ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ළමුන් ඇතුළුව පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට ද තොරතුරු වාර්තා වේ.
වාර්තා වූ ආකාරයට පාසැල් ළමුන් ප්‍රවාහන බස් රථය අම්බලන්තොට දෙස සිට ගමන් කරමින් තිබූ අතර ලංගම බස් රථය කතරගම දෙසට ධාවනය වෙමින් තිබියදීයි මෙම අනතුර සිදුව ඇත.


