සිසුවෙකු මහමග දණගස්වා පහරදුන් තිදෙනෙක් අත්අඩංගුවට

By Gagana News Feb 26, 2025 12:56 PM GMT
Report

සිසුවෙකු මාර්ගයක් අසල දණගස්වා පහරදෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කෙරුනි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 16 හැවිරිදි සැකකරුවන් තිදෙනෙක් කෑගල්ල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අද (26) අත්අඩංගුවට ගත්තේය.

පසුගිය 20 වනදා කෑගල්ල පිටිහුම ප්‍රදේශයේදී බස් රථය එනතුරු රැඳීසිටි දමුණුපොල ප්‍රදේශයේ සිසුවෙක්ට මෙම අමානුෂික ප්‍රහාරය එල්ලකර තිබුණි.

බන්ධනාගාර තුළට දුරකථන සම්බන්ධතා අවහිර කිරීමේ උපාංග

බන්ධනාගාර තුළට දුරකථන සම්බන්ධතා අවහිර කිරීමේ උපාංග

සිද්ධියට පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සම්බන්ධවී ඇති බවට තොරතුරු වාර්තා වී ඇත. අනෙක් සැකකරුවන් දෙදෙනා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (27) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.