බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් - තත්ත්වය භයානකයි අවධානයෙන් ඉන්නැයි නිවේදනයක්

Report

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින්, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් එම ප්‍රදේශය අශ්‍රිතව පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව ඒ පිළිබඳව නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ.

රට වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

අයහපත් කාලගුණික තත්ත්වය නිසා දරුණු කුණාටුවක් - කාසල් පීක්වල 10ක් අතුරුදන් 6 සිරවෙයි

අයහපත් කාලගුණික තත්ත්වය නිසා දරුණු කුණාටුවක් - කාසල් පීක්වල 10ක් අතුරුදන් 6 සිරවෙයි

තවද සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

එසේම කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වන බව ද වාර්තා වේ.

කෙසේ වුවද ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව දැනුම් දෙයි.

මඩකලපුවට තද වැසි, ජනතාවට දැනුම්දිමක්

මඩකලපුවට තද වැසි, ජනතාවට දැනුම්දිමක්

මේ විශ්වවිද්‍යාල සිසුන්ට අද සිට බලපැවැත්වෙන විශේෂ නිවේදනයක් - රෑ 10 න් පස්සේ සරසවිය තහනම්

මේ විශ්වවිද්‍යාල සිසුන්ට අද සිට බලපැවැත්වෙන විශේෂ නිවේදනයක් - රෑ 10 න් පස්සේ සරසවිය තහනම්