විජේරාමෙන් යන්න කිව්වට මොකද මහින්දට කොළඹ 7න් ගෙවල් හතරක්, ඇවිත් එකක් තෝරලා දෙන්න කියලා යාපාටත් ආරාධනා
හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාට කොළඹින් නිවාස ලබාදීමට හතර දෙනකු දැනටමත් ඉදිරිපත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායක හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කර ඇත.
ඒ අනුව ඔහු කොළඹ 07 රොස්මීඩ් පෙදෙස, වෝඩ් පෙදෙස ඇතුළු තවත් ප්‍රදේශ දෙක තුනකම මෙම නිවාස පිහිටා තිබෙන බව කියා සිටියා.
තවද එම නිවාස 4න් ඵක් නිවසක් බැලීමට තමාට පැමිණෙන ලෙසට දැනුම් දුන්නද තවමත් ඒ සඳහා තමන් නොගිය බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කරයි.
මේ අතර තවදුරටත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතාට මෙම නිවාස හතර ලබාදීමට ඉදිරිපත් වූ පුද්ගලයින් හතර දෙනා අතර දෙමළ ජාතිකයෙකුද සිටින බවයි.
මේ සියල්ලටම අමතරව තවත් පිරිස් මහින්ද රාජපක්ෂ මහතාට කොළඹින් නිවාස ලබාදීමට ඉදිරිපත් වී සිටින බවට තමාට තොරතුරු වාර්තා වන බවද ඔහු වැඩිදුරටත් පවසයි.
එසේ වුවත් නැවත කොළඹට පැමිණෙනවාද යන්න මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් නිශ්චිත ලෙස ප්‍රකාශ කර නැති බවත් කියයි.
එසේම ටික කාලයක් තංගල්ල නිවසේ රැඳී සිටීමට මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත පළ කර ඇති බවත් අවශ්‍ය විටකදී කොළඹට පැමිණෙන බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කර ඇත.