ජනපති විවෘත කෙරූ කාගම සිරිනන්ද හිමිගේ ධාතු මන්දිරය හොරු කඩලා

Report

පසුගියදා කාගම සිරිනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ඉදි වූ ධාතු මන්දිරයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් විවෘත කිරීමසිදුවිය.

එලෙස විචිත්‍ර ධර්ම කථීක කාගම සිරිනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ඉදිකළ ගල්කිරියාගම, පහමිණියාගම සමාධි මහා විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය බිඳ තැන්පත් කර තිබූ කරඩුවේ මැණික් ගල් රැසක් සහ මුදල් සොරැගෙන ගොස් තිබෙනවා.

දෙහිවල සත්තු වත්තෙන් නැවතත් ලක්ෂ 5ක් වටිනා නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල සත්තු වත්තෙන් නැවතත් ලක්ෂ 5ක් වටිනා නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

ඊයේ (07) රාත්‍රී කාලයේ මෙම සොරකම සිදුව ඇති බවයි විමර්ශන සිදුකරන ගල්කිරියාගම පොලිසිය සඳහන් කළේ. සොරකම සඳහා පැමිණි කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙක් ධාතු මන්දිරයේ ජනේලයක් බිඳ ඊට ඇතුළු වී ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

කොත් එහිදී සොරුන් විසින් ධාතූන් වහන්සේලා වැඩ සිටි කරඬුන් වහන්සේගේ කැරැල්ල ඇතුළත් කොටස බිඳ එහි තැන්පත් කර තිබූ කුඩා ප්‍රමාණයේ මැණික් ගල් 19ක් සොරාගෙන ගොස් තිබෙනවා. ඊට අමතරව ධාතු මන්දිරය තුළ වූ පිං පෙට්ටිය ද සොරුන් විසින් කඩා එහි තිබූ මුදල් ද සොරා ගෙන ගොස් ඇති බව සඳහන්.

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

මෙම අභීනව තෙමහල් ධාතු මන්දිරය ඉකුත් මැයි මස 30 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මහ සංඝරත්නයේ මෙන්ම විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත කෙරුණා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery