ලුණු හිගයක් නැහැ
By Mithu
ඉදිරි සති දෙක තුළ ආනයනය කළ ලුණු තොගයක් දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගම පවසයි.
පසුගිය මාර්තු මාසයෙන් පසු හම්බන්තොට, අලිමංකඩ සහ පුත්තලම ලේවායන්හි ලුණු අස්වැන්න ලබාගැනීමට කාලගුණයෙන් බාධා එල්ල වීම හමුවේ මෙලෙස ලුණු හිඟයක් මතු වූ බව එහි සභාපති ඩී. නන්දනතිලක පැවසීය.
ඒ අනුව ලංකා ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් දස දහසක් සහ ජාතික ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් විසිදහසක් වශයෙන් ලුණු තොග ආනයනය කිරීමට තීරණය කර තිබේ.