14 හැවිරිදි දැරියක් පැහැරගෙන ගිය තරුණයා කොටුවෙයි.
Sri Lanka Police
Sri Lanka
By Wayomi
උඩුපුස්සැල්ලෑවේ ඕල්ටිමාර් තුඹවත්ත ප්‍රදේශයේ 14 හැවිරිදි දැරියක් පැහැරගෙන ගිය 18 හැවිරිදි තරුණයෙක් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම දැරියව වවුනියාවේ ඉලුප්පායිකුලම් ප්‍රදේශයේ නිවසක සඟවා ගෙන සිටියදීයි.
මේ වන විට අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණ සදහා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම තරුණයා වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර අදාළ දැරියගේ යෙන් වෛද්‍ය වාර්තා ලැබුණු පසුව එම වාර්තාද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
