ජනක බණ්ඩාරට මිනීමැරුම් චෝදනාවක් - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

Report

හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සමක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් 3 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

පාසල් 5කට සහා ස්ථාන 10කට බෝම්බ තර්ජන

පාසල් 5කට සහා ස්ථාන 10කට බෝම්බ තර්ජන

මෙම පෙත්සම සම්බන්ධව, 1999දී මාතලේ – දඹුල්ගමුව ප්‍රදේශයේදී 18 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ මනුෂ්‍ය ඝාතනයට උත්සාහ කිරීම යන චෝදනා යටතේ, මහනුවර මහාධිකරණයේ පවරා තිබූ නඩුවක අධිචෝදනා පත්‍රයක් අභියාචනාධිකරණය විසින් 2020දී අවලංගු කළ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා මෙම විශේෂ පෙත්සම ගොනු කර ඇත.

යහපාලනය ආණ්ඩුව කාලේ දාපු සෙල්ලම් එළියට - රජයට කෝටි ගාණක පාඩුවක්

යහපාලනය ආණ්ඩුව කාලේ දාපු සෙල්ලම් එළියට - රජයට කෝටි ගාණක පාඩුවක්

මෙම විශේෂ අභියාචනා පෙත්සම, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජගත් ද සිල්වා, මහින්ද සමයවර්ධන, සහ සෝභිත රාජකරුණා මහතාන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මඩුල්ලක් හමුවේ කැඳවීමට නියමිතය.

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

ජනක බණ්ඩාර මහතාගේ නීතිඥ ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණයට දැනුම් දුන්නේ, ඔහු රෝගී තත්ත්වයකින් පෙළෙන අතර ඇවිදීමද අපහසු බවය.

අදාල නඩුව සම්පූර්ණයෙන් විභාග කිරීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් නියෝජනය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අයදුම් කළේය.

නීතිපතිවරයාගේ ස්ථාවරය නම්, අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව නීතියට පටහැනි බැවින් එය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවලංගු කළ යුතුය යන්නයි.