පාස්කු මහමොළකරුවන්ගේ ලැයිස්තුවේ පිල්ලෙයාන්? - ඇමතිගෙන් නව හෙළිදරව්වක්
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළ කරුණු අධිකරණයට වාර්තා කිරීමෙන් පසු, අධිකරණයේ උපදෙස් සහ නීතිපතිවරයාගේ උපදෙස් මත ඉදිරි විමර්ශන සිදු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ (ජූලි 15) කුරුණෑගල දී ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේ, පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව පසුගියදා පැවති විවාදයකදී ඔහු ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ය.
“විශේෂයෙන්ම, මම පසුගිය විවාදයේදී ප්‍රකාශ කළා, පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කිරීමට යාමේදී පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට ඒ පිළිබඳ පූර්ව දැනුම්වත් භාවයක් තිබූ බවට තොරතුරු තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි එදා ප්‍රකාශ කළ පරිදි, ඉතාම කඩිනමින් අධිකරණයට අදාළ කරුණු වාර්තා කිරීමට සූදානම් වෙනවා,”
“අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු, අධිකරණයේ උපදෙස් සහ නීතිපතිවරයාගේ උපදෙස් මත ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනවා. දැනටමත් විමර්ශන කටයුතු සිදු වෙමින් පවතිනවා. මේ මොහොතේ, දැනට සිදු කර ඇති විමර්ශන හරහා හෙළි වූ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්‍යයි. ඒ වගේම, විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු වෙමින් තිබෙනවා. එහෙත්, සමහර විමර්ශන සම්බන්ධයෙන් මේ මොහොතේ මාධ්‍යයට විස්තර හෙළි කිරීමට හැකියාවක් නැහැ,” යනුවෙන් ය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත්, ඒවාට අදාළ තොරතුරු ඉතා ඉක්මනින් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම විමර්ශනවලදී හෙළි වන කරුණු, අධිකරණ උපදෙස් මත ඉදිරි කටයුතු සඳහා පදනමක් වනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
