කොවිඩ් මැද අදත් විවාහ උත්සවයක්(VIDEO)

COVID 19 ISOLATED WEDDING KADUWELA KORATHOTA
By Sewvandhi May 28, 2021 02:50 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පනවා ඇති සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් අද (28) දිනයේත් විවාහ මංගල උත්සවයක් සංවිධානය කර තිබුණි. ඒ, කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී ය.

හෝටලයක විවාහ උත්සවයක් පවත්වමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත නවගමුව පොලීසියේ නිලධාරීන් අද එම ස්ථානයට ගිය අතර එම අවස්ථාව වන විටත් පෝරුවේ චාරිත්‍ර ඉටු කරමින් තිබුණි.

එම චාරිත්‍ර අවසන් වනතෙක් ඊට බාධා නොකර එහි රැඳී සිටි පොලිස් නිලධාරීන් අනතුරුව විවාහ උත්සවයට සහභාගි වී සිටි 50කට අධික පිරිස එම ස්ථානයේම නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර නොමැති වුවද විවාහ ලියාපදිංචි කිරීමට බාධාවක් නොමැති බවය.

මේ අතර සංචරණ සීමා නොතකමින් විවෘත කරතිබු හැටන් ප්‍රදේශයේ කොවිලක් වසා දැමීමට ද පොලීසිය පියවර ගෙන තිබේ.