රන් මාලය කඩපු හොරුන්ට අවසානයේ නොහිතපු අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා..

Report

ඊයේ දින දිවුලපිටිය බටයපොළ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රන් මාලයක් කොල්ල කා පලා ගොස් තිබේ.

මෙම කොල්ලකරුවන් දෙදෙනා දිවුලපිටිය පල්ලිය පිටිය ප්‍රදේශයේ තවත් රන්මාලයක් කොල්ලකා තිබෙන බවටද වර්තා වේ.

අලුත් ආධුනිකයින් බඳවා ගනිමින් චීනය සඳ ගමනට සුදානම් වේ..

අලුත් ආධුනිකයින් බඳවා ගනිමින් චීනය සඳ ගමනට සුදානම් වේ..

දිවුලපිටිය පල්ලියේ පිටිය ප්‍රදේශවාසීන් මෙම රන්මාලය කොල්ලකෑ සැකකරුවන් දෙදෙනා පිටුපස හඹා ගොස් ඇති අතර එම සැකකරුවන් දෙදෙනා පැමිණි යතුරුපැදිය ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී රිය අනතුරක් සිදුවී ඇති බවද දිවුලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙනිය පැවසීය .

බ්‍රිතාන්‍යයේ LTTEයට පනවා ඇති තහනම තවදුරටත් බලාත්මකයි..

බ්‍රිතාන්‍යයේ LTTEයට පනවා ඇති තහනම තවදුරටත් බලාත්මකයි..

අනතුරෙන් පසු රන්මාලය කොල්ල කෑ සැකකරුවන් දෙදෙනාට ප්‍රදේශවාසීන් පහරදී දිවුලපිටි පොලිසිය වෙත භාරදී තිබේ.

බටේපොළ ප්‍රදේශයේදිත් පල්ලිය පිටිය ප්‍රදේශයේදීත් රන්මාල කොල්ලකෑ සැකකරුවන් දෙදෙනා කඩු දෙකක් සමග, යතුරුපැදියක්, එක් රන්මාලයක් සොයා ගැනීමට දිවුලපිටිය පොලිසිය සමත් වී ඇත.

ගෝඩා අල්ලන්න ගිය සැරයන්ට තාත්තයි පුතයි එකතු වෙලා කරපු දේ..

ගෝඩා අල්ලන්න ගිය සැරයන්ට තාත්තයි පුතයි එකතු වෙලා කරපු දේ..

නමුත් එක් රන් මාලයක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙක් මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත්, අනිත් සැකකරු ජා- ඇල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවත්, මෙම පුද්ගලයින් දෙදෙනා තදින්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයන් බවත් දිවුලපිටි පොලිසිය හඳුනාගෙන ඇත.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී කුඩු මිලිග්‍රෑම් 12000 සොයාගෙන ඇත. .

තනිකඩ තරුණයින්ට සතුටුදායක ආරංචියක්..ලස්සන ගර්ල් කෙනෙක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්..

තනිකඩ තරුණයින්ට සතුටුදායක ආරංචියක්..ලස්සන ගර්ල් කෙනෙක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්..

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉදිරි විමර්ශන දිවුලපිටිය පොලිසිය විසින් සිදු කෙරේ.