තරුණියකගේ දෙතොල් හා මුහුණ කිස් කළ පුද්ගලයාට ලක්ෂ 7 හමාරක් දෙන්න වෙලා..තරුණියන් කිස් කිරීමෙන් වලකින්න..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Department of Prisons Sri Lanka Prisons in Sri Lanka
By Aruna Jun 26, 2024 08:23 AM GMT
Aruna

Aruna

Report

තමන් යටතේ සේවය කළ තරුණ ලිපිකාරිනියගේ අකැමැත්ත නොතකා අවස්ථා තුනකදී ඇයව අයුතු ලෙස ස්පර්ශ කිරීම, ඇයගේ දෙතොල් හා මුහුණ සිප ගැනීම හා ඇයව වැලඳ ගැනීම යන චෝදනා තුනට වරදකරු කරනු ලැබූ ප්‍රධාන පෙළේ ඉහළ නිලධාරියකු වන 59 හැවිරිදි විවාහකයකුට අභියාචනාධිකරණය පෙරේදා (24දා) බරපතළ වැඩ සහිත වසර හතක සිරදඬුවම් නියම කරනු ලැබ තිබෙනවා.

එයට අමතරව වින්දිත තරුණියට රුපියල් හත්ලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියම කළ, සම්පත් බී. අබේකෝන් හා පී. කුමාරරත්නම් යන විනිසුරු මඬුල්ල විත්තිකරුට රුපියල් 75,000ක දඩයක් ද නියම කර ඇත.

ඉන්ධන මිලට කුමක් වෙයි ද ?එකවරම ගත් තීරණය මෙන්න..ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..

ඉන්ධන මිලට කුමක් වෙයි ද ?එකවරම ගත් තීරණය මෙන්න..ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..


එම වන්දිය හා දඩය නොගෙවන්නේ නම් අමතර වසර දෙකහමාරක සිරදඬුවම් විත්තිකරුට ලබාදීමට විනිසුරු මඬුල්ල නියම කර ඇත.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක මානව සම්පත් කළමනාකරුවකු ලෙස සේවය කරන පුද්ගලයකුට අභියාචනාධිකරණය එම දඬුවම් නියම කර තිබේ.

එම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙයට වසර 14කට පමණ පෙර ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ පවරා තිබූ අතර එම නඩුව විභාග කළ මහාධිකරණය විත්තිකරු චෝදනා තුනෙන්ම නිදොස් කොට නිදහස් කරමින් තීන්දුවක් ලබාදී තිබීම විශේෂත්වයක්.

අද රට පුරා පාසල් පැවැත් වෙයි ද? නැද්ද?..වැඩි විස්තර මෙතනින් දැනගන්න..

අද රට පුරා පාසල් පැවැත් වෙයි ද? නැද්ද?..වැඩි විස්තර මෙතනින් දැනගන්න..


විත්තිකරුට එම දඬුවම් නියම කර ඇත්තේ, 2015.9.16 වැනිදා ත්‍රිකුණාමලය මහාධිකරණය විසින් ලබාදී තිබූ එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය මහාධිකරණය විසින් නිකුත් කර තිබූ තීන්දුව බලරහිත කරමින්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිට ඇත.