අපි හැමෝම ආදරය කරපු ක්‍රිකට් තරුවට පිළිකාවක් ඉක්මන් සුවය පතමු

Report

මෑතකදී සිය නාසයේ හටගත් සමේ පිළිකාවක් ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයකට භාජනය වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ සුපිරි ක්‍රීඩකයෙකු වන මයිකල් ක්ලාක්, සමේ පිළිකා රෝගී තත්ත්වයකට නැවත වරක් ගොදුරු වී ඇත.

අස්වැසුම ලැබෙනකම්ද හිටියේ? මෙන්න විස්තරේ

අස්වැසුම ලැබෙනකම්ද හිටියේ? මෙන්න විස්තරේ

2006 වසරේදී ප්‍රථම වරට මෙම රෝගී තත්ත්වය හඳුනාගැනීමෙන් අනතුරුව, ක්ලාක් වසර ගණනාවක් පුරා සමේ පිළිකා සමඟ සටන් කරමින් සිටී.

මේ දක්වා ඔහුගේ පපුව, නළල සහ මුහුණ වැනි ස්ථාන වලින් සමේ පිළිකා දොළහකට ආසන්න සංඛ්‍යාවක් ශල්‍යකර්ම මගින් ඉවත් කර ඇත.

තම වෛද්‍යවරයා විසින් රෝගී තත්ත්වය ඉක්මනින් හඳුනාගැනීම සම්බන්ධයෙන් ක්ලාක් සිය කෘතඥතාව පළ කර ඇති අතර, සමේ සෞඛ්‍යය පිළිබඳව නිරන්තරයෙන් සුපරීක්ෂාකාරී වන ලෙස ඔහු තම රසිකයන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටී.

පාසල් දරුවන් ගිය වෑන් රථයක් අනතුර - රියදුරා හා දරුවන් දෙදෙනෙක් මරුට - දහතුනක් රෝහලේ

පාසල් දරුවන් ගිය වෑන් රථයක් අනතුර - රියදුරා හා දරුවන් දෙදෙනෙක් මරුට - දහතුනක් රෝහලේ

මේ හේතුවෙන් ඔහු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්ෂේත්‍රයේ මෙන්ම මහජන සෞඛ්‍ය දැනුවත් කිරීමේ ප්‍රමුඛ චරිතයක් ලෙස කටයුතු කරයි.

ඇප ලැබිලා තියද්දී වෙන පෞද්ගලික රෝහලට මාරු කරගන්න - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

ඇප ලැබිලා තියද්දී වෙන පෞද්ගලික රෝහලට මාරු කරගන්න - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන