ඩොලරයට අද සිදු වූ දේ.

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Sri Lanka Dollars
By Hashini Oct 30, 2023 07:31 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (30) දිනයේ ඩොලරයේ අගය ඉහල ගොස් තිබෙනවා.

අද දිනයේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 321.70ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.49ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක් දක්වා තිබුණු අයුරු පහතින්.

මහජන බැංකුව ගැණුම් මිල රු. 320.67ක් දක්වා ඇති අතර විකුණුම් මිල රු. 332.41ක් ලෙස දක්වා තිබෙනවා.

කොමර්ෂල් බැංකුව රු. 321.15ක් ලෙස ගැණුම් මිල දක්වා ඇති අතර රු. 331.50ක් ලෙස විකුණුම් මිල දක්වා තිබෙනවා.

හැටන් නැෂනල් බැංකුව (HNB) රු. 322.00ක් සහ රු. 331.00ක් ලෙස ගැණුම් විකුණුම් මිල දක්වා තිබෙනවා.

සෙලාන් බැංකුව ගැණුම් මිල රු. 320.50ක් ලෙස සහ රු. 332.00ක් ලෙස විකුණුම් මිල දක්වනවා.

ඩී.එෆ්.සී.සී. (DFCC) රු.321.00ක් සහ රු. 333.00ක් ලෙස ගැණුම් විකුණුම් මිල දක්වනවා.

එන්.ඩී.බී. (NDB) ගැණුම් මිල රු . 319.25ක් ලෙසත් රු. 332.25ක් විකුණුම් මිල ලෙසත් දක්වා තිබෙනවා.

අමානා බැංකුව රු. 324.50ක් සහ රු.330.50ක් ලෙසත් ගැණුම්, විකුණුම් මිල සඳහන් කරනවා.

ලංකා බැංකුව තම ගැණුම් මිල රු. 323.25ක් ලෙසත් විකුණුම් මිල රු. 331.50ක් ලෙසත් දක්වා තිබෙනවා. 


GalleryGalleryGallery
ReeCha